eBay
අද මම කියන්න හදන්නේ අද වෙනකොට ලංකාවේ හුගක් කට්ටිය කරන්න ට්ර්යි කරන ඒත් හරි හැටි තේරෙන්නේ නැති ඔන්ලයින් බිස්නස් එකක් ගැන. සම්පූර්ණයෙන්ම පාහේ මම කියලා දෙන්නම්. ඒක හින්දා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.දිගටම අපිත් සමග සිටින්න.
කට්ටියම අහලා ඇති eBay වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් තියෙන ප්රශ්නේ නම්, ලංකාවේ eBay නැහැනේ, ඉතින් කොහොමද සල්ලි හොයන්නේ?eBay එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3 ක් තියනව . එකෙන් ප්‍රසිද්දම ක්‍රමය තමයි Dropshipping.අනිත් ක්‍රම දෙක තමයි Direct shipping සහ Digital products.
මෙහිදි අප රට තුල වඩාත් ප්‍රසිද්ද ක්‍රමය වන Dropshipping හදාරමු..
eBay එකත් අහලා ඇති. Dropshipping කියන එකත් අහලා ඇති. AliExpress එකත් දැනගෙන ඉන්නවා ඇති. ඒත් මේ ඔක්කොම හරියට ගලපාගෙන, Feedback අරගෙන, ඇකවුන්ට් එක බෑන් කරගන්නේ නැතිව, Selling Limit එකත් වැඩි කරගෙන මාසයකට ඩොලර් 500කට නොඅඩුවෙන් හොයන්න පුලුවන් ක්රමය දන්නවද. අද මේ ඔක්කොම කියලා දෙන්න ලංකවේ සමහර ආයතන රු.25,000 සිට රු. 100,000 ක් දක්වා අය කරන බව දන්නවද. එහෙම ගානක් අය කරන එක වැරදියි කියලා මම කියන්නේ නැහැ. ඒත් එහෙම අය කරනවා නම් මේ වැඩේ මොනතරම් දුරට සාර්ථකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
මේක හරියට කර ගත්තොත් තමන් දැන් කරන ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් වේවී. මේකේ තියෙන තවත් එක දෙයක් නම් මේකට කිසිම ආයෝජනයක් ඕන වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් මම මේක කියලා දෙනවට කිසිම ගානක් අය කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ මේ ලිපිය කියවලා ඉවර උන ගමන්ම මේ වැඩේ කරන්න පටන් ගන්න පුලුවන් කියන එකයි. අන්තිමට මේකේ තියෙන තවත් හොද දෙයක් නම්, දවසකට හරියට පැය 2ක් මේක කරගන්න පුලුවන් උනොත් හොදටම ඇති. ඒ කියන්නේ තමන්ගේ ජොබ් එක කරන අතරවාරයේ මේක කරගන්න පුලුවන් කියන එකයි.
මේ වැඩේ කරගන්න ඕන කරන දේවල්;
Laptop/Desktop/Smartphone – අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් තියෙන්න ඕන. සාමාන්යයෙන් අන්තර්ජාලය සැරිසරන්න පුලුවන් තරමින් තියෙනවා නම් එච්චරයි.
Internet – අන්තර්ජාල පහසුකමක්.
eBay Account – මේක කරන්න සාමාන්යය eBay ඇකවුන්ට් එකක් අවශ්යයි. ඒ ගිණුම පරණ වෙන තරමට හොදයි. ඒක හින්දා අදම ගිණුමක් හදාගන්න.
AliExpress Account – AliExpress ගිණුමකුත් අනිවාර්යයෙන්ම ඕන. ඒ ගිණුමෙන් භාණ්ඩ මිලදී ගැන තිබෙනවානම් තවත් හොදයි.
PayPal Account එකක්.
මේවට අමතරව ඕන කරන තවත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අන්තිමටම කියන්නම්.
eBay – AliExpress Dropshipping කියන්නේ මොකක්ද?
eBay කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම විද්යුත් වෙළෙඳපොළක්. ඒක හින්දා ඒකට දවසකට එන පාරිභෝගිකයන් මිලියන ගනන්. හුගක්ම පාවිච්චි කරන්නේ ඇමෙරිකානු රටවල්, යුරෝපීය රටවල් වල මිනිස්සු. අපි සල්ලි හොයන්නේ ඔවුන්ගෙන්. ඒක හින්දතමයි මේක මේ තරම් සාර්ථක මුදල් සෙවීමක් වෙන්නේ. මේ වගේ රටවල ජීවන තත්ත්වය බොහෝ සෙයින් උසස් හින්දා බඩු භාණ්ඩ වල මිලත් අපේ ආසියාතික රටවල් වලට වඩා මිලයි. මේක තමයි අපේ තුරුම්පුව, සරලවම කිව්වොත්.
දැන් දැනගමු AliExpress කියලා කියන්නේ මොකක්ද කියලා. AliBaba යන ව්යාපාර සමූහයට අයත් AliExpress කියලා කියන්නේ ආසියාතික රටවල් වල හුගක්ම ප්රචලිත විද්යුත් වෙළෙඳපොළකි. ලංකාවේ අපි කාගේ කාගෙත් ෆෝන් වල මේ ඇප් එක නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. eBay එකත් එක්ක ගත්තම ඊට වඩා මේක ප්රචලිත නැහැ. හැබැයි AliExpress එකේ eBay එකේ තියෙන ඒ දේම අඩුවට හොයාගන්න. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් වල මිල සාපේක්ෂව හුගක්ම අඩුයි. දැන් ඔයාලට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා ඇති මම මොකක්ද කියන්න එන්නේ කියලා.
අපි Dropshipping කියලා කරන්නේ යම් කිසි තැනකින් අඩු මිලකට භණ්ඩයක් මිල දී ගෙන එය ඊට වඩා වැඩි මිලකට තවත් තැනක විකිණීම. මේ වෙලාවේදි නම් කරන්නේ AliExpress එකෙන් බඩු අරගෙන eBay එකේ විකිනීම. එහෙමයි කියලා අපි සල්ලි දීලා බඩු ගන්න යන්නේ නැහැ.
පහත උදාහරණය බලන්න.
“මම ALIEXPRESS එකේ ඩොලර් 5ට ටීශර්ට් එකක් දකිනවා. ඒක මම ඩොලර් 10ට EBAY එකේ විකුණන්න දානවා. ඊටපස්සේ ඒක සුද්දෙක් මිල දී ගන්නවා. සුද්දා ඒක ගන්නේ ඩොලර් 10ක් දීලා, මම ඒ ඩොලර් 10 අරන් ඒකෙන් ඩොලර් 5ක් දීලා ALIEXPRESS එකෙන් අර T-SHIRT එක ඕඩර් කරනවා. ඕඩර් කරනකොට, අර සුද්දගේ නමයි, ඇඩ්ර්ස් එකයි දීලයි කරන්නේ. ALIEXPRESS එකෙන් අර සුද්දට අර T-SHIRT එක යවනවා. මට ඩොලර් 5ක් හම්බ වෙනවා.”
ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ eBay ගිණුමක් සහ AliExpress ගිණුමක් හදාගන්න එක.
එකේදි රොකට තියරි නේ. එම සියිට් වලට ගිහින් නම ගම විස්තර ටික දිලා ගිනුම හඩගන්න.
eBay.com / AliExpress.com
මේ ගිණුම් දෙකම හදාගත්තට පස්සේ හම්බකරන සල්ලි ටික අතට ගන්න Paypal ගිණුමක් සහ Payoneer ගිණුමක් ඕන කරනවා..

Comments